කාමර ප්‍රශ්නයක් නිසා දුම්රියක් ධාවනය අත්හිටුවයි

දුම්රිය රියදුරන්ගේ නිදන කාමර ප්‍රශ්නයක් හේතුවෙන් පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා දිනපතා ධාවනය වන කාර්යාල දුම්රිය ධාවනය සතියක කාලයකට අත්හිටුවා තිබෙනවා.

දුම්රිය ස්ථානාධිපති සංගමය පවසන්නේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ රියදුරන්ගේ නිදන කාමර අතර අංක 528 පොල්ගහවෙල – කොළඹ දුම්රියේ රියදුරුගේ නිදන කාමරයද ඇති බවයි. එම කාමරයේ මහනුවර – පොල්ගහවෙල දුම්රියේ රියදුරුට නිදාගැනීමට ලබාදීමට විරෝධය දක්වමින් අංක 528 දුම්රියේ රියදුරු දුම්රිය ධාවනයෙන් ඉවත්ව තිබෙනවා.

POPULAR

Recent articles