ගෝඨාභය රාජපක්ෂ ඇමරිකාවේ ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කරයි

රටින් පැන ගොස් ඉල්ලා අස්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අමෙරිකා එක්සත් ජනපදයේ පදිංචියට යෑම සඳහා ‘ග්‍රීන් කාඩ්’ අයැදුම් කර ඇතැයි වාර්තා වෙනවා.

අමෙරිකාවේ සිටින ඔහුගේ නීතිඥයන් පසුගිය මාසයේ සිටම ග්‍රීන්කාඩ් පහසුකම හරහා ඇමෙරිකානු පුරවැසිභාවය ලබා ගැනීම වෙනුවෙන් වැඩකටයුතු ආරම්භ කර ඇති බවයි කියන්නේ. හිටපු ජනාධිපතිවරයාගේ බිරිඳ අයෝමා රාජපක්ෂ මහත්මිය තවමත් අමෙරිකානු පුරුවැසිභාවය ඇති අයෙකු වීම නිසා එම පහසුකම ලබාගැනීමට හිටපු ජනාධිපතිවරයාට හැකි බවත් කියන්නේ.

ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වනවිට තායිලන්තයේ නතරව සිටින අතර ඔහු නොවැම්බර් මාසය දක්වා එහි රැඳී සිටීමට තීරණය කළත් දැන් යලි එම තීරණය අවලංගු කර අගෝස්තු 25 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට සූදානමින් සිටින බවයි ඇතැම් ආරංචි මාර්ග පවසන්නේ.

අමෙරිකාවේ වීසා ලබා ගැනීමට අදාළ ක්‍රියාපටිපාටිය ඉදිරියට ගෙන යාමට කොළඹ සිටින හිටපු ජනාධිපතිවරයාගේ නීතීඥයින් අතිරේක ලියකියවිලි ඉදිරිපත් කිරීම ද දැන් සිදුකරන බවයි කියන්නේ.

POPULAR

Recent articles