ඉන්දීය රුපියල් කෝටි 200ක කප්පම් චෝදනාවලට මුහුණ දී සිටින කොන්මන් සුකේෂ් චන්ද්‍රසේකර්ට එරෙහිව මුදල් විශුද්ධිකරණ නඩුවේ චූදිතයෙක් ලෙස බොලිවුඩ් රංගන ශිල්පිනී ජැකලින් ෆර්නැන්ඩස් නම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දීය මාධ්‍ය පවසන්නේ සුකේෂ් චන්ද්‍රසේකර් විසින් ජැකලින් ෆර්නැන්ඩස්ට කප්පම් ගැනීම් ඇතුළු අපරාධ ක්‍රියාවලින් උපයාගත් මුදලින් ඉන්දීය රුපියල් කෝටි 5.71 ක විවිධ තෑගි ලබා දී ඇති බවටයි.
මෙම තෑගි අතර ඉන්දීය රුපියල් ලක්ෂ 52 ක් වටිනා අශ්වයෙකු හා ඉන්දීය රුපියල් ලක්ෂ 9 ක් වටිනා පර්සියානු බළලෙකු සිටින බව මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් සඳහන් වනවා.