සතියකදී ඩෙංගු රෝගීන් 1 590ක්

ඉකුත් සතිය තුළ ඩෙංගු රෝගීන් 1590 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, ඉන් 50.8% ක් ම බස්නාහිර පළාතෙන් වාර්තා වන බවයි.

තවදුරටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 56 ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති බව එම ඒකකය සඳහන් කරනවා.

ඩෙංගු ව්‍යාප්තිය අතරට අලුතින්ම එක් වූ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස වන්නේ අකුරණ, මාතලේ මහ නගර සභා බල ප්‍රදේශය, අම්බලංගොඩ, වාරියපොළ, ඇහැලියගොඩ, ඇඹිලිපිටිය සහ ගලිගමුව යි.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 50,000 කට ආසන්න පිරිසක් වාර්තා වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

POPULAR

Recent articles