ලූනු අස්වැන්න කිලෝ ලක්ෂ 10කින් අඩුවෙයි

පසුගිය වසරට සාපේක්ෂව යල කන්නයේ දේශීය ලොකු ලූනු ඇස්වැන්න කිලෝග්‍රෑම් ලක්ෂ 10කින් පමණ පහත වැටී ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය පවසනවා.

එහි වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක සඳහන් කරන්නේ පසුගිය වසරේ මේ කාල සීමාවේ යල කන්නයේ අස්වැන්න ලෙස ලොකු ලූනු කිලෝග්‍රෑම් ලක්ෂ 10ත් 15ත් අතර ප්‍රමාණයක් දෛනිකව ආර්ථික මධ්‍යස්ථානයට ලැබුණු බවයි.

නමුත් මෙවර යල කන්නයේ අස්වැන්න ලෙස දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට දෛනිකව ලැබෙන්නේ දේශීය ලොකු ලූනු කිලෝග්‍රෑම් ලක්ෂ 2ත් දෙකහාමාරත් අතර ප්‍රමාණයක් බව ඔහු පවසනවා.

ආනයනික ලොකු ලූනු සඳහා බදු පැනවීමක් සිදු නොකිරීම නිසා දේශීය ලොකු ලූනු අස්වැන්න කුණු කොල්ලයට විකිණීමට ගොවීන්ට සිදුව ඇති බවද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ වෙළෙඳ සංගමයේ සභාපති ශාන්ත ඒකනායක පෙන්වා දෙනවා.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ ලොකු ලූණු කිලෝග්‍රෑමයක නිෂ්පාදන පිරිවැය රුපියල් 250ක් පමණ වුවත් ගොවීන්ට කිලෝග්‍රෑමයක් සඳහා ලැබෙන්නේ රුපියල් 80ත් 120ත් අතර මිලක් බවයි.

POPULAR

Recent articles