චීනයෙන් තවත් බිහිසුණු වෛරසයක්

නැගෙනහිර චීනයේ Langya ‘ලංග්‍යා’ වෛරසය ව්‍යාප්ත වෙමින් පවතින බවත්, අද (10) වනවිට ආසාදිතයන් ගණන 35 දෙනකු වාර්තා වී ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ඔවුන්ට මෙම වෛරසය සතුන්ගෙන් වැළඳී ඇතැයි සැලකෙන අතර එම වෛරසය මිනිසුන් අතර සම්ප්රේෂණය කළ හැකි බවට මෙතෙක් සාක්ෂි වාර්තා වී නැහැ.

පර්යේෂකයන් විසින් Langya ‘ලංග්‍යා’ වෛරසය ප්‍රධාන වශයෙන් Shrews නම් සත්ව වර්ගය ආශ්‍රයෙන් හඳුනාගෙන තිබෙනවා.

Shrews නම් සත්ව විශේෂය

Langya ‘ලංග්‍යා’ යනු මනුෂ්‍යයන් ඇතුළු ක්ෂීරපායී සතුන්ට ද හානි කරන වෛරසයක් වන අතර මෙම වෛරසයට කිසිදු ඔසුවක් හෝ එන්නතක් හෝ නිපදවා නොමැති බවද විදෙස් වාර්තා සඳහන් කරනවා.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට Langya ‘ලංග්‍යා’ වෛරසය ව්‍යාප්තිය සිදුවන්නේ චීනයේ නැගෙනහිරින් පිහිටි ෂැංග්ඩොං සහ හෙනාන් යන ප්‍රාන්ත වලිනුයි.

තද උණ, මහන්සිය, කැස්ස, ආහාර අප්‍රිය වීම, මස්පිඩු වේදනා, කැරුකිල්ල, වමනය හා තද හිසදරය රෝග ලක්ෂණ වෙයි. සිරුරේ රුධිර පට්ටිකා (ප්ලේට්ලට්) අඩු වීමක් ද සිදුවෙයි. අක්මාව සහ වකුගඩු අඩපණ කිරීමට ද Langya ‘ලංග්‍යා’ වෛරසයට හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

POPULAR

Recent articles