ගෝඨාභය රාජපක්ෂගේ වියදම් පිළිබඳව නිවේදනයක්

මෙරටින් පැන ගිය හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විදේශයන් හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් ඔහු සඳහන් කරන්නේ ඒ සියලු වියදම් හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික මුදලින් දරනු ලැබන බවයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කළා. හිටපු සහ වත්මන් ජනාධිපතිවරුනට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවට ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන පැවසුවා. ඔහු කළ සඳහන හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජය මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණු බවයි රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ.

තමාගේ එතෙර වියදම් ගැන ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා වැරදි බව පැන ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම්දී ඇති බවයි මොහාන් සමරනායක මහතා කියන්නේ.

අදාළ නිවේදනය –

POPULAR

Recent articles