යුපුන්ට ඩයමන්ඩ් ලීග් තරඟාවලියේ මීටර් 100 තරගයේ 05 වන තැන

නොර්වේ ඔස්ලෝ නුවර පැවති ඩයමන්ඩ් ලීග් මළල ක්‍රීඩා තරඟාවලියේ මීටර් 100 තරග ඉසව්ව අද (17) දිනයේ පැවැත්වුණා.

තප්පර 10.06ක කාලයක් සටහන් කරමින් මෙම ඉසව්ව සඳහා ශ්‍රී ලංකාවේ කෙටිදුර ධාවන ශූර යුපුන් ප්‍රියදර්ශන අබේකෝන් සහභාගී වූවද මෙම තරඟයේදී ඔහු‍ගේ කාලය වාර්තා වූයේ තත්පර 10.16 ක් ලෙසිනුයි.

ඒ අනුව තරඟයේදී ඔහුට හිමි වුණේ 05 වන ස්ථානයයි.

මේ ඉසව්ව සඳහා ටෝකියෝ ඔලිම්පික් උළෙළේ 200m රන් පදක්කම්ලාභියා වන ඇන්ඩ්‍රෙඩි ග්‍රේස් හා දකුණු අප්‍රිකාවේ අකානි සිම්බිනේ වැනි ප්‍රබල ක්‍රීඩකයන් ද සහභාගී වී සිටියා.

POPULAR

Recent articles