”චීන නෞකාවෙන් ඇතිවිය හැකි ඕනෑම අභියෝගයකට මුහුණදීමට සූදානම්” – ඉන්දීය මධ්‍යම රජය

ශ්‍රී ලංකාව අධි තාක්‍ෂණික චීන Yuang Wang 5 පර්යේෂණ නෞකාවකට තම මුහුදු තීරයේ නැව්ගත කිරීමට ඉඩ දීමෙන් පසුව ඇතිවිය හැකි ඕනෑ ම ආකාරයක අභියෝගයකට මුහුණ දීමට ඉන්දියාව හොඳින් සූදානම් බව ඉන්දීය මධ්‍යම රජයේ වරාය, නාවික හා ජල මාර්ග අමාත්‍යාංශය සහ ආයුෂ් අමාත්‍යවරයා පවසනවා.

අමාත්‍ය සර්බානන්ද සොනොවාල් ප්‍රකාශ කරන්නේ “අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ නායකත්වය යටතේ ඕනෑ ම ආකාරයක තත්ත්වයක් ඵලදායි ලෙස හැසිරවීමට අපි හොඳින් සන්නද්ධව සහ හොඳින් සූදානම්ව සිටිනවා” යනුවෙන්.

නැඟෙනහිර වෙරළ තීරයේ ප්‍රති නැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරන කොළඹ වරාය මත යැපෙන ඉන්දීය භාණ්ඩ නැව් සම්බන්ධයෙන් ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා පවසා ඇත්තේ, ඉන්දියානු වෙරළ තීරයේ ප්‍රති නැව්ගත කිරීමේ මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අදාළ අංශ දැඩි ලෙස කැපවී සිටින බවයි. දැනටමත් පාරදීප් වරාය, විශාකාපට්නම් සහ චෙන්නායි වරායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට පටන් ගෙන තිබෙන බවත්, තූත්තුකුඩි වරායේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට ද සැලසුම් කර ඇති බව අමාත්‍යවරයා පවසා තිබෙනවා.

Yuang Wang 5 නෞකාවට අවශ්‍ය නාවික පහසුකම් ලබා ගැනීම සඳහා ලබන 16 වනදා සිට 22 වනදා දක්වා හම්බන්තොට වරායේ රැඳී සිටීමට අවසර ලබා දීමට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යංශය කටයුතු කළ බව නිවේදනය කළා.

POPULAR

Recent articles