ඉන්ධන පිරවුම්හලක ගැටුමකින් පුද්ගලයෙකු මරුට

නිට්ටඹුව පොලිස් වසමේ හොරගොල්ල ඉන්ධන පිරවුම්හල අසලදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇති බව පොලීසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ 29 හැවරිදි කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වනවා.

ඉන්ධන ලබාගැනීමට පැමිණි යතුරුපැදිකරුවෙකු හා ත්‍රිරෝද රථ රියදුරෙකු අතර ආරවුලක් ඇතිවී ඇති අතර පසුව ත්‍රිරෝද රථ රියදුරු ඉන්ධන ලබාගැනීමෙන් අනතුරුව ඉදිරියට ගොස් සිට ආරවුල ඇතිකරගත් යතුරුපැදිකරු ඉන්ධන ලබාගෙන යනවිට ඔහුට තියුණු ආයුධයකින් පහරදී බරපතළ තුවාල සිදුකර ත්‍රිරෝද රථ රියදුරු පළගොස් ඇති බව පොලීසිය සඳහන් කරනවා.

තුවාලකරු වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.

පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ ඝාතනය සිදුකළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා නිට්ටඹුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බවයි.

POPULAR

Recent articles