”ජනාධිපතිවරයාගේ ආර්ථික දැක්මට එකඟයි” – හර්ෂ ද සිල්වා

රුපියල අල්ලාගෙන සිටි ලෙසම වත්මන් ආණ්ඩුවද අල්ලාගෙන සිටියද සැබෑ ජනතා ප්‍රසාදයක් නැති ආණ්ඩුව රුපියල වගේම කඩා වැටෙන බව සමගි ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ දී කියා සිටියා.

ආණ්ඩුවට ශක්තිමත් ජනතා ප්‍රසාදය තිබෙනවා පෙන්නුවත් ඇත්ත තත්ත්වය එය නොවේ යැයිද මෙි රාජපක්ෂ හොල්මන් කරන ආණ්ඩුවක් කිව්වොත් එය වැරදි නැතැයි ද හර්ෂ ද සිල්වා කියා සිටියා.

එමෙන්ම ඔහු කියා සිටියේ ජනාධිපතිවරයා ඉදිරිපත් කළ ආර්ථික දැක්ම සමඟ තමා එකඟ යැයිද විපක්ෂයේ හිටියත් එය කියන්නට තමාට ශක්තියක් තිබෙන බවයි.

කෙටිකාලීන සර්වපාක්ෂික වැඩපිළිවෙලකට එකඟ වෙමු යැයි කී හර්ෂ ද සිල්වා සර්ව පාක්ෂික රජයක් ගැන කතා කළේ තමාට ඇමතිකමක් ගන්න නොවන බවද දැන් යන්න හදන්නේ සර්වපාක්ෂික නමැති බෝඩ් එකක් ගසා තමන්ගේ කණ්ඩායමක් විතරක් එකතු කරගෙන යන ගමනක් යැයිද කියා සිටියා.

එමෙන්ම මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේ මෙහෙම ගියොත් ජාත්‍යන්තර හා දේශීය වශයෙන් සහයෝගය ගන්නට නොහැකි වෙන බවයි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා මේ බව පවසා සිටියා.

POPULAR

Recent articles