ශ්‍රී ලංකා ගුවන් සේවයට ඉන්ධන ඇත්තේ මැයි මාසයට පමණයි

ශ්‍රී ලංකා ගුවන් සේවයේ ගුවන් මෙහෙයුම් සිදු කිරීමට ඉන්ධන ඇත්තේ මැයි මස අවසන් වන තෙක් පමණක් බව ගුවන් තොටුපල හා ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර පවසනවා.

ඔහු කියන්නේ එදිනට පසු ඉන්ධන ලබා ගැනීමේ වැඩපිළිවෙළක් සම්බන්ධයෙන් තෙල් සංස්ථාව මෙතෙක් දන්වා නොමැති බවයි. ඉන්ධන ලබා දෙන බව පැවසුවත් ඒ සම්බන්ධයෙන් තවමත් ගුවන්තොටුපල දැනුම් දීමක් කර නැතැයි ඔහු සඳහන් කරනවා.

කටුනායක ගුවන් තොටුපලේ ඉන්ධන හිගයක් ඇතැයි වාර්තාවීමත් සමඟ කටුනායකට පැමිණෙන බොහෝ ගුවන් යනවා දැනටමත් ඉන්දියාවේ චෙන්නායි වෙත ගොස් ඉන්ධන ලබා ගැනීමට පටන් ගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කර තිබුණා.

POPULAR

Recent articles