ශ්‍රී ලංකාව බංකොලොත්, ජපාන ව්‍යාපෘති 12ක් අත්හිටුවයි

ශ්‍රී ලංකාව බංකොළොත් බව ප්‍රකාශ කිරීම මත ජපාන ආධාර මත පවත්වාගෙන ගිය ව්‍යාපෘති 12ක් අත්හිටුවා තිබෙනවා. වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඒ බව සඳහන් කළා.

“ජයිකා සංවිධානය ඇවිල්ල මා මුණගැහුනා. මුණ ගැහිලා ලියුමක් භාර දුන්නා. එයාලා කිව්වා දැන් අපේ රට බංකොලොත් කියලා, අපිට ණය ගෙවාගන්න බැහැ කියලා, ප්‍රකාශයක් කරලා තියෙන නිසා IMF එක ඇවිල්ලා මේ පිළිබඳව රෝඩ් මැප් එකක් හදනකං ඒ ගොල්ලේ මේ Taisei ප්‍රොජෙක්ට් එක විතරක් නෙමෙයි, ජපානයෙන් ආධාර දෙන, ජයිකා ආයතනයෙන් ආධාර දෙන ව්‍යාපෘති 12 ක් suspend කරලා තියෙනවා කියලා. suspend කරලා කියන්නේ කැන්සල් කරලා නෙමෙයි. තාවකාලිකව නතර කරලා තියෙනවා. IMF සංවිධානය මේ පිළිබඳව අපිත් එක්ක මේ ණය ප්‍රතිව්‍යූහගතකිරීම පිළිබඳව ගන්නා පියවර අනුව ඔවුන් නැවත අපිට ඒ මුදල් ලබා දෙනවා කියලා කිව්වා” යි අමාත්‍යවරයා පවසනවා.

POPULAR

Recent articles