කුකුළු මස් හා බිත්තර ගැන විමර්ශනයක්

වෙළෙඳපොළේ කුකුළු මස් හා බිත්තර නිෂ්පාදනවල මිල ගණන් ඒ සඳහා වැයවෙන පිරිවැය පිළිබඳ කඩිනම් විමර්ශනයක් කිරීමට වෙළෙඳ හා පාරිභෝගික සුරක්ෂිත අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

අමාත්‍ය නලීන් ප්‍රනාන්දු ප්‍රකාශ කරන්නේ එම නිෂ්පාදනවල මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ යාම සැලකිල්ලට ගෙන අදාළ පියවර ගත් බවයි.

මේ වනවිට බිත්තර මිල රුපියල් 55 – 60 දක්වා ඉහළ ගොස් ඇති අතර කුකුළු මස් කිලෝග්‍රෑමයක මිල රුපියල් 1250 ඉක්මවා ගොස් තිබෙනවා.

අමාත්‍යවරයා පවසන්නේ මෙම මිල ගණන් පාලනයට කඩිනමින් පියවර ගන්නා බවයි.

POPULAR

Recent articles