”ශ්‍රී ලංකාව කඩිනමින් යථා තත්ත්වයට පත්වෙයි” – ඇමරිකානු තානාපති

ශ්‍රී ලංකාව මුහුණදී සිටින වත්මන් තත්ත්වය පිළිබඳව අවබෝධයෙන් පසුවන බවත් කඩිනමින් රට යථා තත්ත්වයට පත්වනු ඇතැයි තමා විශ්වාසය පළ කරන බවත් ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) පවසනවා.

ආර්ථික ගැටලුවට විසඳුම් සෙවීම සඳහා ශ්‍රී ලංකාවට සහාය වන බව ඇමරිකානු තානාපතිනිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග ප්‍රකාශ කර තිබෙනවා.
ජූලි චන්ග් තානාපතිනිය සහ ජනාධිපතිවරයා අතර කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ පැවති හමුවේ දීයි මේ බව සඳහන් කෙරුණේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගෙන තිබෙන සබඳතාව ශක්තිමත්ව පවත්වාගෙන යාමට ඇමරිකා එක්සත් ජනපදයේ සහාය ලබා දෙන බව එරටින් පැමිණි ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රික දූත පිරිස සඳහන් කළා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව වෙනුවෙන් සහ මානුෂීය ආධාර ලබාදෙමින් ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩ්න් ශ්‍රී ලංකාවට ලබා දෙන සහාය පිළිබඳ ජනාධිපතිවරයා මෙහිදී සිය ස්තූතිය පිරිනමා තිබෙනවා.

POPULAR

Recent articles