ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් මර්දනයට එරෙහිව උද්ඝෝෂණයක

ප්‍රංශයේ ජීවත්වන ශ්‍රී ලාංකිකයින් විසින් පැරිස් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට ඊයේ (9) උද්ඝෝෂණයක් සංවිධානයක් පවත්වා තිබෙනවා. ඒ, මර්දනය අත්හිටුවන ලෙස බල කිරීම හා හදිසි නීතිය අවලංගු කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින්.

එහි පැමිණි ශ්‍රී ලාංකිකයින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත යොමු කිරීම සඳහා සංදේශයකට ද අත්සන් කළ අතර එම සංදේශය ප්‍රජා නියෝජිතයින් මගින් ප්‍රංශයේ සිටින ශ්‍රී ලංකා තානාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම වෙත භාර දීමට කටයුතු කළ බව කියනවා.

විධායක ජනාධිපති ධුරය නිශ්චිතවම අවසන් කිරීම සහ මාස හයක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වන ලෙසද ඒ ලිපියෙන් ඉල්ලා තිබෙනවා.

POPULAR

Recent articles