“ශ්‍රී ලංකාව මුහුණ දී සිටින්නේ සම්පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවකටයි” – OCHA කියයි

ශ්‍රී ලංකාව සම්පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවකට මුහුණ දී සිටින බව එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (Office for the Coordination of Humanitarian Affairs – OCHA) පවසා තිබෙනවා. එම වාර්තාවට අනුව දැනට අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 200කට ආසන්න ප්‍රමාණයක් තොග අවසන්ව ඇති බවත් ඉදිරි මාස දෙක තුන තුළ තවත් ඖෂධ 163ක තොග අවසන් වනු ඇති බවටත් අනාවැකි පල කරනවා. මීට අමතරව, අත්‍යවශ්‍ය ශල්‍යකර්ම 2,700 කට අධික ප්‍රමාණයක අවශ්‍ය වන ද්‍රව්‍ය සහ සාමාන්‍ය රසායනාගාර ද්‍රව්‍ය 250 කට වැඩි ප්‍රමාණයක හිඟයක් ද ඇති බවයි කියන්නේ.

විදුලිය විසන්ධි වීම සහ ජෙනරේටර් යන්ත්‍ර ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ඉන්ධන නොමැතිකම හේතුවෙන් බොහෝ රෝහල්වලට හදිසි නොවන සැත්කම් සහ කල් දැමීමට සිදුව තිබෙනවා.

“ශ්‍රී ලංකාවේ ආර්ථික කැලඹීම සම්පූර්ණ මානුෂීය හදිසි අවස්ථාවක් දක්වා වර්ධනය විය හැකිය” යනුවෙන් OCHA පවසා තියෙනවා. ශ්‍රී ලංකා රජයේ ඉල්ලීමට ප්‍රතිචාර දැක්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානය ජූනි සිට සැප්තැම්බර් දක්වා කාලසීමාව සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 47.2 ක ආධාර සැලැස්මක් දියත් කර ඇති බව ඔවුන් පවසනවා.

POPULAR

Recent articles