”විදුලි බිල 75%කින් වැඩි කිරීම වැරදියි” – රන්ජන් ජයලාල්

විදුලි බිල 75% වැඩි කිරීම වැරදි බවත් ඉහළ ඒකක ගාස්තු සලකා බැලීමේදී එය 100% ක වැඩිවීමක් බවත් ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය පවසනවා. එහි කැඳවුම්කරු රන්ජන් ජයලාල් කියන්නේ, අගෝස්තු 8 වැනිදා සිට විදුලි බිල 75% කින් වැඩි කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අවසර ලබා දුන් බවයි. ඔහු කියා සිටියේ ඒකක 30 ට අඩු පරිභෝජනයක් ඇති කාණ්ඩයට පිරිවැයෙන් 42% ක් අය කරන බවයි.

ඒකක 30 ත් 60 ත් අතර 178.07% කින් වැඩි වෙලා තියෙනවා. ඒකක 200 දක්වා වූ සියලුම විදුලි භාවිත සඳහා 100%ක ගාස්තු වැඩිවීමක් දීලා. මෙම වැඩිවීමත් සමඟ කුඩා පරිමාණ කර්මාන්ත බරපතළ ගැටලුවලට මුහුණ දෙනවා. මේ නිසා විදුලියට අදාළ සියලුම අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවාවල මිල ජනතාවට දරාගත නොහැකි තැනට ඉහළ යාම නතර කරන්න බැරි වෙනවා.

ඒ නිසයි විදුලි බිල වැඩි කිරීමට මේ අරගෙන තියෙන තීරණයට වෘත්තීය සමිති සන්ධානය විදිහට අපි විරෝධය දක්වන්නේ. විදුලි බිල වැඩි කිරීම සම්බන්ධයෙන් කිසිම සාකච්ඡාවක් සඳහා ලංවිම වෘත්තීය සමිති කැඳවා නැහැ. අපිව සාකච්ඡාවකට කඳව්වොත් විදුලිබල මණ්ඩලය පෞද්ගලීකරණය නොකර ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්නේ කොහොමද කියලා ඇමැතිතුමාට පෙන්වන්න පුළුවන්” යයි රන්ජන් ජයලාල් මහතා පවසනවා.

POPULAR

Recent articles