සමගි ජන බලවේගයට කුණු බිත්තර ප්‍රහාරයක්

මීට සුළු මොහොතකට පෙර ඇතුළුකෝට්ටේ පිහිටි සමගි ජන බලවේගයේ ප්‍රධාන කාර්‍යාලයට කුණු බිත්තර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ ඇතුළු පිරිසක් පක්ෂ කාර්යාලය ඉදිරිපිට පැමිණ මෙම ප්‍රහාරය එල්ල කර ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වැලිකඩ පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් මහලේකම්වරයා ප්‍රකාශ කර සිටිනවා.

ජීවන වියදම ඉහළ යාම ඇතුළු කාන්තාවන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු කාන්තාවන් ජනාධිපතිවරයාගේ නිවස අසලට ගොස් සිදු කළ විරෝධතාවට ප්‍රතිචාර දක්වමින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක පළ කරන බවත් මහලේකම්වරයා වැඩි දුරටත් සඳහන් කරනවා.

POPULAR

Recent articles