ආසියානු කුසලානය මෙරටින් ගලවයි

ශ්‍රී ලංකාව සත්කාරකත්වය දැරීමට සැලසුම් කර තිබු ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය ශ්‍රී ලංකාව තුළ පැවැත්වීම ගිලිහී ගොස් තිබෙනවා. දැන් එය අගෝස්තු 27 සැප්තැම්බර් 11 අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වීමටයි තීරණය වී ඇත්තේ.

ජේ ෂා

“ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සෑම උත්සාහයක්ම ගත් අතර එම ස්ථානය එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන යාමට තීරණය කළා. ඒ, ඒ ගැන බොහෝ සාකච්ඡා කිරීමෙන් පසුවයි. එක්සත් අරාබි එමීර් රාජ්‍යය වෙත තරගාවලිය රැගෙන ගියත් තවදුරටත් ශ්‍රී ලංකාව සත්කාරක අයිතිවාසිකම් රඳවා ගනු ඇත” යි ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා ඊයේ (27) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා.

ඔස්ට්‍රේලියාව සහ පකිස්තානය යන රටවල් සමඟින් ද්විපාර්ශ්වික ක්‍රිකට් තරග සත්කාරකත්වය දැරීමට රට සමත් වුවද ආසියානු කුසලානය කණ්ඩායම් කිහිපයක තරඟාවලියක් වීම නිසා, පවතින ආර්ථික අවුල් මධ්‍යයේ එය පැවැත්වීමේ අභියෝග වැඩි බවයි ආසියානු ක්‍රිකට් කවුන්සලය පවසන්නේ.

ඈශ්ලි ද සිල්වා

“කණ්ඩායම් දෙකකට සත්කාරකත්වය සැපයීම කණ්ඩායම් දහයකට සත්කාරකත්වය සැපයීමට සමාන කරන්න බැහැ. ඔවුන් සියල්ලටම ඉන්ධන සහිත බස් රථ දහයක් ලබා දිය යුතුයි. ඔබ සෑම කණ්ඩායමකටම ඉන්ධන සහිත ගමන් මලු ප්‍රවාහන වෑන් රථයක් වෙනම ම ලබා දිය යුතුයි. කළමනාකරුවන්ට ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතුය.ඒ විතරක් නෙමෙයි අනුග්‍රාහකයන්ටත් ප්‍රවාහන පහසුකම් ලබා දිය යුතු වෙනවා. ඊට අමතරව දිවා රාත්‍රී තරග නිසා විශාල වශයෙන් විදුලි පහන් ක්‍රියාත්මක කරන්න ඕනේ. ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ජෙනරේටර් වලට ඉන්ධන ද සොයා ගැනීමට සිදු වෙනවා” යි පවතින අපහසුතා පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මීට දින කිහිපයකට පෙරම පවසා තිබුණා.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කුවේට්, සිංගප්පූරුව සහ හොංකොං අතර සුදුසුකම් ලැබීමේ තරග වටයකින් අනතුරුව එහි ජයග්‍රාහකයා ප්‍රධාන තරගාවලියට එක් වන්නේ ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය සහ බංග්ලාදේශය සමඟ තරග වැදීමට යි.

#asiacup #jsha #srilankacriket #ashlydesilva #A5 #a5news #a5newssrilanka #news #NewsUpdate #NewsAlert #SriLanka #hotnews #LatestNews #Alert #sinhalanews #srilankanews #Fastnews

POPULAR

Recent articles