“උද්ඝෝෂණ පවත්වනවා නම් සාමකාමීව සිදු කරන්න” – ඇමරිකානු තානාපති

උද්ඝෝෂණ පවත්වනවා නම් එය සාමකාමීව සිදු කරන ලෙස ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) පවසනවා.

ඇය සඳහන් කරන්නේ ප්‍රචණ්ඩත්වය පිළිතුරක් නොවන බවත් සාමකාමී විරෝධතාකරුවන්ට සිය විරෝධය දැක්වීම සඳහා ඉඩ සහ ආරක්ෂාව ලබා දෙන ලෙස හමුදාවට සහ පොලිසියට මතක් කර දෙන බවයි.

ව්‍යාකුලත්වය ශ්‍රී ලාංකිකයන්ට මේ මොහොතේ අවශ්‍ය ආර්ථිකය නිවැරදි කිරීමට හෝ දේශපාලන ස්ථාවරත්වය ගෙන නොඑන බව ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජූලි චන්ග් (Julie Chung) නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් දැක්වෙනවා.

POPULAR

Recent articles