“රටේ පවතින අර්බුදය ගැන ජනාධිපතිවරයාට කිසිදු දැනීමක් නෑ” – ලක්ෂ්මන් කිරිඇල්ල

රටේ පවතින අර්බුදය පිළිබඳ ජනාධිපතිවරයාට කිසිදු දැනීමක් නොමැති බව ඔහු ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කරනවා.

එමෙන්ම රට තවදුරටත් විනාශ නොකර තමන් කැමති කණ්ඩායමකට රට භාරදීමට ජනතාවට අවස්ථාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පවසනවා.

ජනාධිපතිවරයා ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් රටේ ප්‍රශ්න ආමන්ත්‍රණය නොකළ බවත් ඒ සඳහා කිසිඳු විසඳුමක් ඉදිරිපත් නොවූ බවත් ඔහු පෙන්වා දෙනවා.

ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව සම්පූර්ණයෙන්ම අසමත් බව යළි යළිත් තහවුරු කිරීම පමණක් ජාතිය අමතා සිදු කළ ප්‍රකාශයෙන් තහවුරු වූ බවත් මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල වැඩි දුරටත් සඳහන් කරනවා.

POPULAR

Recent articles