”පැනවූ ආනයන සීමා මගින් අපේක්ෂිත ප්‍රතිඵල නෑ” – ජාතික විගණන කාර්යාලය

2021 වර්ෂයේදී විනිමය රට තුළ රඳවා ගැනීමේ අරමුණින් ඇතැම් භාණ්ඩ ආනයනය සිමා කරණු ලැබුවා. නමුත් ආනයන බලපත්‍ර සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමෙන් ආනයන සම්බාධක පැනවීමේ අපේක්ෂිත ප්‍රතිපල ලැබී නැතැයි ජාතික විගණන කාර්යාලය පවසනවා.

ඒ ජාතික විගණන කාර්යාලය මේ බව අනාවරණය කරන්නේත 2021 වසරේ ආනයන අපනයන පාලන දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්ය සාධනය පිළිබඳ සිය නිරීක්ෂණ ඉදිරිපත් කරමින්.

කොවිඩ් වසංගතයට පෙර වර්ෂය වන 2018 ට සාපේක්ෂව 2021 වසරේදී ආනයන බලපත්‍ර ආදායම සියයට 47 කින් ඉහළ යාමෙන් පෙන්නුම් කරන්නේ පාලනයකින් තොරව ආනයන සිදුවීම බව, ජාතික විගණන කාර්යාලයේ නිරීක්ෂණයයි.

POPULAR

Recent articles