”මේ ගානට හාල් තියෙන්නේ රටින් ගේන හින්දා, හැබැයි ගේන එක නවත්තනවා” – වෙළඳ ඇමති

සහල් ආනයනය කිරීම නැවැත්වීමට ඉදිරියේදී පියවර ගන්නා බව වෙළඳ, වාණිජ හා ආහාර සුක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු කියා සිටිනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සහල් මිල ඉහළයාමට විසඳුමක් ලෙස සහල් ආනයනය කිරීමට තීන්දු කළ බවත් එම වැඩපිළිවෙල නිසා සහල් මේ වන විට පවතින මිලෙහි තිබෙන බවයි.

ඉදිරියේදී කෘෂිකර්ම අමාත්‍යංශය හා වෙළඳ අමාත්‍යංශය සාකච්ඡා කර සහල් ආනයනය අවශ්‍ය නොවනවානම් ඒ සම්බන්ධයෙන් පියවර ගන්නා බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.

POPULAR

Recent articles