රුපියල් විස්සේ සමරු කාසියක්

වටිනාකම රුපියල් 20කින් යුත් සංසරණ සම්මත සමරු කාසියක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත පිළිගැන්වීම ජනාධිපති ලේකම් කාර්යාලයේදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ගේ සහභාගිත්වයෙන් අද (21) සිදුවුණා. ඒ අනුව සංසරණය සඳහා කාසි ලක්ෂ විස්සක් නිකුත් කර තිබෙනවා.

නිකල් ආලේපිත වානේ කාසියක් වන මෙය පැති 7ක හැඩයකින් යුක්ත වන අතර විශ්කම්භය මිලි මීටර් 28කින් හා ගනකම මිලි මීටර 2කින් යුක්ත වනවා.

එම කාසිය නිකුත් කර ඇත්තේ ජන හා නිවාස සංගණනයේ 150 වන සංවත්සරය මුලික කරගෙනයි.

POPULAR

Recent articles