විදෙස් සංචාරකයින්ට ගුවන්තොටුපලේදීම ඉන්ධන අවසර පත්

ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය තවදුරටත් සංවර්ධනය කිරීම පිළිබඳ සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යාංශය විසින් පවත්වා තිබෙනවා. මෙම සාකච්ඡාවේදී පහත සඳහන් ප්‍රධාන කරුණු 07ක් සාකච්ඡා කෙරුණා.

විදේශ සංචාරකයන්ට ගුවන් තොටුපලේදී ඩොලර්වලින් මිලදීගැනීමට හැකි ඉන්ධන අවසර පතක් හඳුන්වාදීම. වාහන නොවන අනෙකුත් ඉන්ධන අවශ්‍යතා වෙනුවෙන් QR කේත නිකුත් කිරීමට ලියාපදිංචි කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම, ඒක් දුරකථන අංකයකින් ව්‍යපාර ලියාපදිංචි අංකය මගින් බහු වාහන ලියාපදිංචිය, රජයේ වාහන ලියාපදංචිය වෙනුවෙන් එම ආයතනයට අවේනික ලියාපදිංචි අංකයක් සමග සියලු වාහන ලියාපදංචි කරවීමට පහසුකම් සැලසීම, ඉන්ධන පිරවුම්හල්වල පවතින ඉන්ධන තොග ස්වයංක්‍රීයව ඒ මොහොතේ යාවත්කාලිනවන පහසුකම් සංවර්ධනය කිරීම, ආදී කරුණු සදහා විෂයභාර අමාත්‍ය කංචන විජේසේකරගේ ප‍්‍රධානත්වයෙන් ජාතික ඉන්ධන අවසරපත් ක‍්‍රමවේදය පිළිබඳ මාර්ගගත ක‍්‍රමයට පැවති සමාලෝචන රැස්වීමේදී අවධානය යොමුව තිබුණා.

POPULAR

Recent articles