දඹුල්ල ප්‍රදේශීය සභාව ගොන් කරත්තවලටත් බදු ගසයි

සීගිරිය නැරඹීට මෙරටට පැමිණෙන දේශීය මෙන්ම විදේශීය සංචාරකයිනට වෙනස් වූ අත්දැකීමක් ලබා ගැනීමට ඒ අවට ගොන් කරත්ත සවාරි තබා තිබෙනවා.

ඒ අනුව මෙම ගොන් කරත්තවලින් බදු අය කිරීමට දඹුල්ල ප්‍රදේශීය සභාව තීරණය කර තිබෙනවා.

මෙම ගොන් කරත්තවල ගමන් කිරීමට සංචාරකයින් වැඩි කැමැත්තක් දක්වන අතර ඒ තුළින් විදේශ විනිමයද මෙරටට ගලා එන බවයි එම කර්මාන්තයේ නියැලෙන කරත්ත හිමිකරුවන් සඳහන් කරන්නේ.

දඹුල්ල ප්‍රදේශීය සභාව මඟින් එක් ගොන් කරත්තයක් සඳහා රුපියල් 3000 ක බදු මුදලක් සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් ප්‍රදර්ශනය කර ඇති දැන්විම් පුවරු සඳහාද විශාල මුදලක් අය කරන බවයි ඔවුන් චෝදනා කරන්නේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් දඹුල්ල ප්‍රදේශීය සභාවේ සභාපතිවරයා සඳහන් කළේ, සීගිරිය නැරඹීමට පැමිණෙන එක් විදේශීය සංචාරකයෙකුගෙන් රුපියල් 7000 ක මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් අය කරගන්නා බවත් සීගිරිය අවට ප්‍රදේශයේ සංවර්ධන කටයුතු කරන ප්‍රදේශීය සභාවට එම මුදලින් සුළු මුදලක් හෝ ලබා නොදෙන බවයි.

ඒ අනුව මෙලෙස බදු අය කිරීම සිදු කරන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

POPULAR

Recent articles