”අන්‍යෝන්‍ය ගරුත්වය රැකෙන පරිදි කටයුතු කරමු” – ජනපති

එක්සත් ජාතීන්ගේ මූලධර්මවලට හා එක් චීනයක් යන ප්‍රතිපත්තියට ශ්‍රී ලංකාව සැමවිටම කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.

Twitter පණිවිඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පවසන්නේ චීන තානාපති Qi Zhenghong සමඟ පැවති හමුවකදී මේ බව ප්‍රකාශ කළ බවයි.

වත්මන් ගෝලීය අර්බුදයන් තවදුරටත් උත්සන්න කරන ප්‍රකෝප කිරීම්වලින් රටවල් වැළකිය යුතු බවත් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීමට මෙන්ම, අන්‍යෝන්‍ය ගෞරවයද රැකෙන පරිදි කටයුතු කිරීමටද කැපවිය යුතු බව ජනාධිපතිවරයා නිකුත් කළ Twitter පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් වනවා.

POPULAR

Recent articles