21 සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දෙයි

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 21වන සංශෝධනය සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව නීතිපතිවරයා ඊයේ (26) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන් බව වාර්තා වෙනවා.

නීතිපතිවරයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට මෙම දැනුම් දීම සිදු කළේ සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ ඉන්දිකා දේමුනි ද සිල්වා විසින්.

21වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ආචාර්ය ගුණදාස අමරසේකර ඇතුළු පිරිසක් විසින් ගොනු කරනු ලැබ තිබූ පෙත්සම් කිහිපයක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේ දී යි මෙම කරුණු ඉදිරිපත්වී තිබුණේ.

මෙම පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, ජනක් ද සිල්වා යන අයගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ යි සලකා බැලුණේ.

POPULAR

Recent articles