”ජෝශප් ස්ටාලින්ට ඇප දෙන්න සියල්ල සූදානම්” – සමන් රත්නප්‍රිය

ඊයේ (03) අත් අඩංගුවට ගත් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින්ට පොලිස් ඇප ලබා දීම සඳහා සියලු කටයුතු සූදානම් කර ඇතැයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය පවසනවා.

ඔහු සඳහන් කරන්නේ තමන් මැදිහත් වී එම පියවර ගත් බවයි. ඒ සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත් කර ඇති බවත් ඔහු පවසනවා.

ජෝශප් ස්ටාලින්ට මේ මොහොතේ පොලිස් ඇප ලබා දී වරදක් සිදු වී ඇති නම් අධිකරණය වෙත ඉදිපත් කර, ඒ මාර්ගයෙන් දඬුවම් දීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස තමන් විසින් බලධාරීන් දැනුවත් කළ බවයි ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරාල්වරයා කියන්නේ. ස්ටාලින් වෙනුවෙන් ඕනෑ ම අවස්ථාවක තමන් ජනාධිපතිවරයා ඉදිරියේ පෙනී සිටින බව ද ඔහු අවධාරණය කරනවා.

කොළඹ කොටුව ගුරු මැදුරට පැමිණි පොලිස් නිලධාරීන් 50ක පමණ පිරිසක් විසිනු යි ඊයේ (03) පස්වරුවේ ස්ටාලින් අත්අඩංගුවට ගනු ලැබුවේ. ඒ ඉකුත් මැයි 28 වැනි දින අධිකරණ නියෝග නො තකා උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

POPULAR

Recent articles