ජාතික රෝහලේ රසායනාගාර පරීක්ෂණ කටයුතු සීමා කිරීමට උපදෙස්

කොළඹ ජාතික රෝහලේ සිදුකරනු රසායනාගාර පරීක්ෂණ සීමාකරන ලෙස රෝහල් පරිපාලනය විසින් දැනුම්දී තිබෙනවා.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරිය විසින් අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී ඇත්තේ දෛනිකව සිදු කරන සාමාන්‍ය පරීක්ෂණ සීමා කරන ලෙසයි.

ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය සමින්දි සමරකෝන් රෝහලේ සියලුම අංශ ප්‍රධානීන් වෙත දැනුම් දී ඇති අදාළ ලිපියේ දැක්වෙන්නේ මේ දිනවල පවතින ආර්ථික අර්බුදයේ හේතුවෙන් පරීක්ෂණාගාරවල සිදු කෙරෙන පරීක්ෂණ කට්ටල හිඟවීම හේතුවෙන් මෙලෙස අත්‍යාවශ්‍ය පරීක්ෂණ හැර අනෙකුත් සාමාන්‍ය දෛනික පරීක්ෂණ සීමා කරන ලෙසයි.

POPULAR

Recent articles