Duty Free පහසුකම ඉහළ දැමීමේ යෝජනාවක්

විදේශ ශ්‍රමිකයින් මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණය දිරි ගැන්වීමේ අරමුණින් හඳුන්වාදීමට නියමිත නව යෝජනා සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

Twitter පණිවුඩයක් නිකුත් කරමින් විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර සඳහන් කරන්නේ මේ යටතේ විදේශගත ශ්‍රමිකයින් නීත්‍යානුකුල මාර්ග ඔස්සේ මෙරටට එවන විදේශ විනිමය පදනම් කර ගනිමින් ලබා දෙන තීරුබදු පහසුකම හෙවත් ඩියුටි ෆ්‍රි පහසුකම ඉහළ දැමීමට යෝජනා කර ඇති බවයි.

නීත්‍යානුකුල ක්‍රමවේද ඔස්සේ මෙරටට එවන විදේශ විනිමය ප්‍රමාණයෙන් 50% කට සමාන විදුලි වාහනයක් ආනයනය කිරීමට බලපත්‍රයක් ලබා දීමට ද මේ මගින් යෝජනා වී තිබෙනවා.

POPULAR

Recent articles