බයිඩන් නැවතත් පොසිටිව්

ඇමරිකා එක්සත් ජනාධිපති ජෝ බයිඩන් හට සිදුකල ඇන්ටිජන් පරීක්ෂණයකදී ඔහු දෙවන වරටත් පොසිටිව් වී ඇතැයි ධවල මන්දිරය නිවේදනය කර තිබෙනවා.

ඇන්ටිජන් පරීක්ෂණය පොසිටිව් වුවද කොවිඩ් 19 රෝග ලක්ෂණ නැවත මතුවී නොමැති බව එම නිවේදනයේ දැක්වෙනවා.

ජනාධිපති ජෝ බයිඩන් කොවිඩ් රෝග මර්දන එන්නත් මාත්‍රා දෙක හා බූස්ටර් එන්නත් මාත්‍රා දෙකම ලබා ගෙන ඇති බවද පැවැසෙනවා.

ජනාධිපතිවරයා රෝග ලක්ෂණ පෙන්නුම් නොකළත් නැවත වරක් ධවල මන්දිරයේ සිට නිරෝධායනය වන අතර රාජකාරි කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ධවල මන්දිරය ප්‍රකාශ කරනවා.

ඔහු තැබූ Twitter සටහන –

POPULAR

Recent articles