ජනපතිගෙන් අතිවිශේෂ ගැසට් නිවේදනයක්

ක්ෂේත්‍ර තුනක සේවා අත්‍යවශ්‍ය සේවා බවට පත් කරමින්, ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපති ලේකම් ගාමිණි සෙනරත් මහතාගේ අත්සනිනුයි.

ඒ අනුව, විදුලි බල සැපයීම, ඛනිජ තෙල් නිෂ්පාදන හා ඉන්ධන සැපයීම හෝ බෙදාහැරීම, රෝහල් ප්‍රතිකාර සේවා අත්‍යවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශයට පත් කරමින්, මෙම අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මෙම ගැසට් නිවේදනය නිකුත් කරනු ලැබ තිබෙන්නේ සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යවශ්‍ය වන බව හා එම සේවාවට අවහිරයක් හෝ බාධාවක් විය හැකි බවට සැලකිල්ලට ගනිමින් මෙම සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමිනුයි.

POPULAR

Recent articles