“රුසියාවට ජය ගන්න බැහැ” – ඇමරිකානු ජනපති

රුසියාවට, යුක්‍රේන යුද්ධය ජයගත නොහැකි බව ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පවසනවා.

පෝලන්තයේ දෙදින සංචාරය අවසානයේ ඇමරිකානු ජනාධිපති සඳහන් කළේ, විලැද්මීර් පුටින්ට බලයේ රැඳී සිටිය නොහැකි බවයි.

ඔහු උපායමාර්ගික වශයෙන් අසාර්ථක යුද්ධයක් ගෙනයන බව ද ඇමරිකානු ජනාධිපතිවරයා ප්‍රකාශ කර සිටියා.

සිය හඬට සවන් දෙන්නැයි ඇමරිකානු ජනාධිපතිවරයා, රුසියානු ජනතාවගෙන් ඉල්ලා සිටියේ, යුක්‍රේන ජනතාව පීඩාවට පත්කිරීම ජාතික ක්‍රියාවක් නොවන බව ද අවධාරණය කරමිනුයි.

රුසියානු ජනතාව, ඇමරිකාවේ හෝ ලෝකයේ සතුරන් නොවන බව ද ජෝ බයිඩන් මෙහිදී ප්‍රකාශ කර සිටියා.

විලැද්මීර් පුටින් බලයේ සිටින්නේ ද නැද්ද තීරණය කරන්නේ ජෝ බයිඩ්න් නොව සිය පුරවැසියන් බව, ඊට ප්‍රතිචාර දක්වමින් රුසියාව පවසා තිබෙනවා.

මේ අතර සිවිල් ආරක්ෂක ආධාර ලෙස යුක්‍රේනයට අමතර ඩොලර් මිලියන 100 ක් ලබාදෙන බව, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් පවසන්නේ දේශසීමා ආරක්‍ෂාව, සිවිල් නීතිය ක්‍රියාත්මක කිරීමේ කාර්යයන් ස්ථිරව පවත්වා ගැනීම හා රජයේ යටිතල පහසුකම් ආරක්ෂා කිරීම වෙනුවෙන් එම ආධාර ලබාදෙන බවයි.

POPULAR

Recent articles