ගෝඨාභය රාජපක්ෂ ලංකාවට එනවාලු – බන්දුල ගුණවර්ධන කියයි

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා.

අද (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු සඳහන් කර සිටියේ හිටපු ජනාධිපතිවරයා සිංගප්පූරුවේ සැඟවී නොසිටින බවත් ඔහු නිල වීසා බලපත්‍රයක් ලබාගෙන සිංගප්පූරුවට ගොස් ඇති බවයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගැනීම සඳහා සිංගප්පූරුවේ නීතිපතිවරයා වෙත ගොනු කර ඇති පැමිණිල්ලක් හා අගෝස්තු මාසයේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණෙන බවට පලවන වාර්තා සම්බන්ධයෙන් කළ විමසීමකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.

POPULAR

Recent articles