“දැන් ඉන්ධන පෝලිමේ ඉන්නේ බැරල්වලට තෙල් ගහන අය” – ගාමිණී ලොකුගේ

එළඹෙන සඳුදා පමණ වන විට පවතින ඉන්ධන ගැටලුවට විසඳුම් ලැබෙනු ඇති බව බලශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ලංකාවේ සියලුම ඉන්ධන පිරවුම්හල්වලට ඉන්ධන යොමු කර ඇති බවයි.

මේ වන විට ඉන්ධන පෝලිම් අවසන් විය යුතු බවත් මේ අවස්ථාවේ පෝලිම්වල සිටින්නේ බැරල් සඳහා ඉන්ධන ලබා ගැනීමට පැමිණි පිරිස් බව අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

එසේ බැරල්වලට ඉන්ධන ලබාගන්නා පිරිස් ඒවා වැඩි මිලට පසුව අලෙවි කරන බව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.

POPULAR

Recent articles