“ආණ්ඩුව භාරගන්නවා” – සජිත් ප්‍රේමදාස

ජන ජීවිතය යථා තත්වයට පත් කොට, නීතියේ ආධිපත්‍ය තහවුරු කොට ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ස්ථිරසාර රජයක් පිහිටුවීම සඳහා ජනතාවට අවස්ථාව ලබා දීමට පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්විය යුතු බව කියමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරයාට ලිපියක් යොමුකර තිබෙනවා. විපක්ෂයේ ප්‍රධාන පක්ෂය හැටියට සමගි ජන බල සන්ධානයේ මූලිකත්වයෙන් අනෙකුත් පක්ෂ සමඟ එක්ව කෙටි කාලීන ආණ්ඩුවක් පිහිටුවීමටත් සමගි ජන බල සන්ධානයේ නායකයා ලෙස අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමටත් තීරණය කර ඇති බව ඔහු එම ලිපියේ සඳහන් කරනවා.


එම තීරණය අනුව නව කෙටි කාලීන රජය පිහිටුවීමේ රාමුව පිළිබඳව සහ හෙට දවසේ නව රජය දිවුරුම් දීම සඳහා අවශ්‍ය කටයුතු සාකච්ඡා කිරීමට සූදානම් බව ඔහු සඳහන් කර තිබෙනවා.

අදාළ ලිපිය –

POPULAR

Recent articles