මෛත්‍රි සිටි නිවස රනිල්ට

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි කොළඹ පැජට් පාරේ පිහිටි නිවස නව ජනාධිපති රනිල් වික්‍රමසිංහට ලබා දීමට ආණ්ඩුව තීරණය කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පෞද්ගලික නිවස ගිනි තැබීමෙන් පසු ඔහු මේ වන විට ආරක්ෂිත ස්ථානයක පදිංචිව සිටිනවා.

ජනාධිපති මන්දිරය හා අරලියගහ නීතිමය කටයුතු සිදුවීම හේතුවෙන් එහි පදිංචිවීමට ජනාධිපතිවරයා හෝ අගමැතිවරයාට හැකියාවක් නැහැ.

එම නිසා ජනාධිපතිවරයාට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පදිංචිව සිටි නිවස ලබා දීමට තීරණය කර තිබෙනවා. මීට මාස දෙකකට පමණ පෙර අධිකරණ නියෝගයක් මගින් හිටපු ජනාධිපතිවරයා මෙම නිවසින් ඉවත් කරනු ලැබුවා.

POPULAR

Recent articles