බූලි හා බැරල්වලට ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවයි

වහාම ක්‍රියාත්මක වන පරිදි රථවාහනවලට අමතරව බැරල්වලට හා බූලිවලට ඩීසල් නිකුත් කිරීම නතර කරන ලෙස ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම්දී ඇති බව වාර්තා වනවා.

මෙලෙස ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම් දී ඇත්තේ ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලක මහේෂ් අලවත්ත විසිනුයි.

ඒ අනුව එම නීතියට පටහැනිව ක්‍රියා කරන බෙදුම්කරුවන් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලීසිය දැනුවත් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දන්වා තිබෙනවා.

එමෙන්ම එලෙස ඉන්ධන බෙදාහරින පුද්ගලයින්ට විරුද්ධව විනයානුකූල ක්‍රියාමාර්ග ගැනීමට සිදුවන බව ද ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ ප්‍රාදේශීය පරිපාලකවරයා දැනුම්දී වැඩි දුරටත් ඉන්ධන පිරවුම්හල් වෙත දැනුම් දී තිබෙනවා.

POPULAR

Recent articles