පාකිස්තාන ශ්‍රී ලංකා දෙවන ටෙස්ට් තරඟය අද (24)

සංචාරක පාකිස්තාන කණ්ඩායම හා ශ්‍රී ලංකා කණ්ඩායයම අතර දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරඟය අද (24) ආරම්භ වීමට නියමිත වනවා.

ඒ අනුව අද (24) පෙරවරු 10.00 ට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මෙම තරඟය පැවැත්වීමට නියමිතයි.

මෙම තරඟයේදී ශ්‍රී ලංකා යොවුන් තුන් ඉරියව් ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ 162 වැනි ක්‍රීඩකයා ලෙස ටෙස්ට් වරම් දිනා ගැනීමට නියමිතව තිබෙනවා.

අද (24) පැවැත්වෙන තරඟය සඳහා ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් අවසන් ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක අසිත ප්‍රනාන්දු ද කැදවා ඇති බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න ඊයේ (23) පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් සඳහන් කර සිටියා.

POPULAR

Recent articles