ඇමරිකානු ජනපතිට පිළිකාවක්

තමන් පිළිකා රෝගියකු බව ඇමරිකන් ජනාධිපති ජෝ බයිඩන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින් මහත් ආන්දෝලනයක් හටගෙන තිබේ.

බයිඩන් මෙම ආන්දෝලනාත්මක ප්‍රකාශය කර ඇත්තේ, අතහැර දැමුණු ගල් අගුරු පතල් කම්හලක කළ සංචාරය කරමින්, මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි.

බයිඩන් එම ප්‍රකාශය කරන වීඩියෝ දසුන් ඔහුගේ ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇති අතර ප්‍රකාශය දුටු බොහෝ දෙනා බයිඩන්ට ඉක්මන් සුව ප්‍රාර්ථනා කිරීමට ද කටයුතු කර තිබෙනවා.

තෙල් පිරිපහදු හා ගල් අගුරු කම්හල් මගින් පරිසරයට විෂ නිකුත් වන බවත්, ඒවා ශරීරයට අහිතකර බවත් රැස්ව සිටි පිරිසට බයිඩන් පෙන්වා දුන්නා. තමන් ද පිළිකා රෝගියකු බව ජනාධිපති බයිඩන් අනාවරණය කළේ එම අවස්ථාවේදී යි.

එම ප්‍රකාශයත් සමඟ බයිඩන්ගේ සෞඛ්‍ය සම්බන්ධයෙන් මාධ්‍යවේදීහු ප්‍රශ්න කිරීමට පටන් ගත්හ. ඒ අනුව, ධවල මන්දිරය වහා ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරනු ලැබුවා.

ධවල මන්දිරය පැහැදිලි කරමින් කියා සිටියේ ජනාධිපති ධුරයට පත් වීමට පෙර, බයිඩන්ට චර්ම පිළිකාවක් තිබුණු බවත්, ඔහු ජනාධිපති ධුරයට ඉදිරිපත් වී ජයග්‍රහණය කළේ එම පිළිකාවට නිසි ලෙස ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසුව බවයි.

POPULAR

Recent articles