ශ‍්‍රී ලාංකික කාන්තාවක් ඕස්ටේ‍්‍රලියා පාර්ලිමේන්තුවට

ඕස්ටේ‍්‍රලියානු මහමැතිවරණයේ හෝල්ට් අසුනට කම්කරු පක්ෂයෙන් තරග කළ කැසෙන්ඩ‍්‍රා ප‍්‍රනාන්දු එම ආසනය ජයග‍්‍රහණය කර තිබෙනවා. ඒ ලිබරල් සන්ධානය නියෝජනය කළ තවත් ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයෙකු වන රාන්ජ් පෙරේරා පරාජයට පත් කරමින්.

මෙවර ඔස්ටේ‍්‍රලියානු මහ මැතිවරණයට ශ‍්‍රී ලාංකිකයන් තිදෙනෙකු තරග වැදුනේ වික්ටෝරියා ප‍්‍රාන්තයෙන්. එහිදී කැසෙන්ඩ‍්‍රා ප‍්‍රනාන්දු ඡන්ද 39,185 ක් එනම් මුළු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 57.09 ක් ලබාගත්තා.

රාන්ජ් පෙරේරාට හිමිවූ ඡන්ද ගණන 28,777 ක්.

එහි ප්‍රතිශතය 42.91 ක් වන අතර ඒ අනුව 34 හැවිරිදි කැසෙන්ඩ‍්‍රා ප‍්‍රනාන්දු ඕස්ටේ‍්‍රලියානු පාර්ලිමේන්තුවට තේරී පත්වූ ශ‍්‍රී ලාංකික සම්භවයක් සහිත ප‍්‍රථම කාන්තාවයි.

ඇය සිය දෙමාපියන් සමඟ 1999 වසරේ ඕස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය වී ඇති අතර, ඇය සත්කාරක සේවා සහ අධ්‍යාපන සහාය පිළිබඳ ඇය උසස් අධ්‍යාපනය ලබා තිබෙනවා.

POPULAR

Recent articles