දිස්ත්‍රික්ක 12 ක් ඩෙංගු අධි අවදානම් කළාප ලෙස හඳුනාගනියි

ජාතික ඩෙංගු මර්දන ඒකකය විසින් ඩෙංගු අධි අවදානම් කළාප ලෙස දිස්ත්‍රික්ක 12 ක් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ 81 ක් හදුනාගෙන තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර, කුරුණෑගල, පුත්තලම, ගාල්ල, යාපනය, මහනුවර, රත්නපුර, අම්පාර, ත්‍රිකුණාමලය සහ මාතර යන දිස්ත්‍රික්ක මෙසේ අධි අවදානම් දිස්ත්‍රික්ක ලෙස හදුනාගෙන ඇති බවයි කියන්නේ. ජනවාරි මාසය තුළ පමණක් ඩෙංගු රෝගීන් 7000 ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

ජනවාරියේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වුනේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසන්නේ. ඒ අතර ගම්පහ, කළුතර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්කවලින් ද ඉහළ රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙන බව ද ඔවුන් සඳහන් කරනවා.

POPULAR

Recent articles