දෙහිවල සත්වෝද්‍යානය තුළ සත්ව බිත්තර හා සත්ව ජාවාරමක්

දෙහිවල සත්වෝද්‍යානය මේ වන විට බරපතල බරපතල අර්බුදයකට ලක්ව ඇති බව එහි අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පවසනවා.

සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ සිදුවන බරපතල අක්‍රමිකතා පිළිබඳ සොයා බලමින් ඊට අදාළ පරීක්ෂණ වාර්තා වලට අදාල නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා තමන් කටයුතු කිරීම හේතුවෙන් මේ වනවිට තමන්ට එරෙහිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වෘත්තීය සමිති සමාජිකයින් කැරැල්ලක් අරඹා ඇති බව ඇය සඳහන් කරනවා.

මේ සඳහා විෂය භාර අමාත්‍ය සී. බී. රත්නායක සහ අමාත්‍යාංශ ලේකම්වරයා ද සෘජුවම සහය පළ කරන තත්ත්වයකට පත්ව ඇති බව ඇය කියනවා.

දෙහිවල සත්වෝද්‍යානය තුළ මේ වනවිට රුපියල් මිලියන ගණනක මුල්‍ය වංචාවන් මෙන්ම සත්ව බිත්තර සහ සත්ව ජාවාරමක් ද ක්‍රියාත්මක බව ඇය අනාවරණය කරනවා. අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ සඳහන් කරන්නේ මෙම තොරතුරු පිළිබඳ කරුණු සොයා බැලීම සහ අනාවරණය කිරීම හේතුවෙන් තමන්ව මරා දැමීම සඳහාද දේශපාලඥයින් විසින් ඇතැම් කණ්ඩායම් උසිගන්වන තත්ත්වයකට පත්ව ඇති බවයි.

අධ්‍යක්ෂ ජනරාල් ශර්මිලා රාජපක්ෂ පවසන්නේ මේ වන විට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් විවිධ ආයතන සඳහා පත්කරන ලද වියත්මග සමාජිකයන්ට සැලසුම් සහගතව පහර දී ඔවුන් එම ස්ථානවලින් ඉවත් කිරීමේ කිරීමේ උත්සාහයක් පවතින බවයි. ඒ සඳහා ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන දේශපාලන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ පිරිස් කටයුතු කරමින් සිටින බවත් ඇය කියනවා.

POPULAR

Recent articles