”මතුව ඇති තත්ත්වයන් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුකූලව විසඳාගන්න” හමුදාව විරෝධතාකරුවන්ගෙන් ඉල්ලයි

මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන හා මහජන ජීවිත සුරැකීමේ වගකීම හමුදාව වෙත පැවරී ඇති බවත්, හමුදාව එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන බව යුද හමුදාව නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.

එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම එම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බව හමුදාව දන්වා සිටියි.

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිද හමුදාධිපතිවරුන් සහ පොලිස්පතිවරයා තෙවරකට වැඩි අවස්ථා ගණනකදී සාමකාමී වන ලෙසත්, රාජ්‍ය ගොඩනැගිලි හා සියලු දේපළ ආරක්ෂා කරන ලෙසත් සහ ජනාධිපතිවරයාගේ නික්ම යාම සමඟ මතුව ඇති තත්ත්වයන් ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාවට අනුකූලව විසඳාගන්නා ලෙස විරෝධතාකරුවන්ගෙන් දැඩි ලෙස ඉල්ලා සිටි බවද හමුදාව පවසනවා.

ආරක්ෂක හමුදාවන්ට හෝ මහජන දේපළවලට හානි කිරිම උදෙසා ප්‍රචණ්ඩත්වය වැඩිකරමින් කටයුතු කරන සියලුදෙනාම වහාම එම ප්‍රචණ්ඩ ක්‍රියාවලින් වැළකී සිටිය යුතු බවත් නොඑසේනම් පවතින තත්ත්වයන්ට අනුකූලව හා සරිලන පරිදි ආරක්ෂක හමුදාවෝ සතු සියලු බලතල පාවිච්චි කිරීමට ඉදිරියේදී සිදුවන අතර මහජන දේපල මෙන්ම සියලු මර්මස්ථාන සහ මහජන ජීවිත සුරැකීමේ අනුලංගනීය වගකීම පැවරී ඇති ආරක්ෂරක හමුදාවන් එම බලය පාවිච්චි කිරීමට කිසිසේත්ම මැලි නොවන අතර එවැනි තත්ත්වයකදී උදාවිය හැකි පසු ආදීන පිළිබඳ වගකීම මෙම ප්‍රචණ්ඩකාරීන් විසින්ම දරාගත යුතු බව වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.

POPULAR

Recent articles