“ලියුම තාම නෑ” – කතානායක

රටින් පැන ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ඉල්ලා අස්විමේ ලිපිය මෙතෙක් තමන් වෙත ලැබි නැතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන පවසනවා.

කතානායකවරයා පැවසුවේ ඊයේ (13) මධ්‍යම රාත්‍රියට පෙර ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්විමේ ලිපිය තමන් වෙත යොමු කරන බව මීට පෙර දුරකතනයෙන් දැනුම් දුන් බවයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මාලදිවයිනට පලා යාමෙන් පසුව සිංගප්පූරුව බලා යාමට අපේක්ෂා කරන බව ශ්‍රී ලංකා රජයේ මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය ඊයේ පස්වරුවේ වාර්තා කළා. ප්‍රකාශකයාගේ අනන්‍යතාව ආරක්ෂා කරමින් රොයිටර් පවසන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා සිංගප්පූරුවට පැනගත් පසුව ඉල්ලා අස්වීම කථානායකවරයා වෙත යැවිය හැකි යැයි ප්‍රකාශ කළ බවයි.

POPULAR

Recent articles