ජනපති ‘මිල්කෝ’ ආයතනයට

ජනාධිපතිවරයා නාරාහේන්පිට පිහිටි මිල්කෝ සමාගමේ කර්මාන්ත ශාලාවේ නිරීක්‍ෂණ චාරිකාවක නිරත වී තිබෙනවා.

එහිදී ජනාධිපතිවරයා එම කර්මාන්ත ශාලාවේ නිෂ්පාදන ක්‍රියාවලිය සහ එහි ප්‍රමිතිය පිළිබඳව නිරීක්‍ෂණය කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා.

එමෙන්ම කර්මාන්ත ශාලාව නිරීක්‍ෂණය කිරීමෙන් පසුව ජනාධිපතිවරයා උපදෙස් දී ඇත්තේ දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැවීමට කටයුතු කරන බවටයි.

මෙම අවස්ථාවට මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා ඇතුළු පිරිසක් ද සහභාගි වී තිබෙනවා.

POPULAR

Recent articles