ඉන්දියාව තවත් ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට එකඟ වෙයි

ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට ඉන්ධන මිලදී ගැනීම සඳහා තවත් ඩොලර් මිලියන 200ක ණයක් ලබා දීමට එකඟ වී ඇතැයි බලශක්ති ඇමති කාන්චන විජේසේකර ප්‍රකාශ කරනවා.ඇමතිවරයා මේ බව පවසා ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී. මැයි මාසයේදී ඉන්ධන තොග රැගත් නැව් 04 මෙරටට ලඟාවීමට නියමිත බවද ඔහු එහිදී පවසා තිබුණා.

ඉන්දියාව මේ වනවිට ඉන්ධන තොග ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 500ක සම්පූර්ණ ණය මුදලක් ලබාදුන් බවත් ලංකා රජය විසින් තවත් ඩොලර් මිලියන 500ක ණය මුදලක් ඉල්ලා ඇති බවත් ඇමතිවරයා කියා සිටියා.

කෙසේ වෙතත් රුසියාවෙන් බොරතෙල් ලබාගැනීම සඳහා පවතින අවස්ථාවන් පිළිබඳ මෙරට රජයේ අවධානය යොමුව තිබුණා.ඒ විදේශ විනිමය හිඟය හමුවේ ඉන්ධන ආනයන වියදම් අවම කරගැනීමේ අරමුණෙන්. මේ වන විට රුසියාවෙන් බොරතෙල් මිල දී ගැනීම ට ඉන්දියාව ඇතුලූ‍ කලාපීය රටවල් කිහිපයක් ඉදිරිපත් ව සිටිනවා.

ලෝක වෙළඳපොලේ බොරතල් බැරලයක මිල මේ වනවිට ඇමරිකානු ඩොලර් 107 ක් පමණ වන අතර රුසියාවේ නිෂ්පාදිත බ්‍රෙන්ට් වර්ගයේ යූරල් බොරතෙල් බැරලයක් ඇමරිකානු ඩොලර් 35 පමණ අඩුවෙන් ඉන්දියාව ලබාගන්නා බව සඳහන්.

POPULAR

Recent articles