සඳුදා (11) සිට දුම්රිය ගාස්තු ඉහළට

දුම්රිය ගාස්තු ලබන සඳුදා (11) සිට ඉහළ දැමීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව අවම ගාස්තුව රුපියල් 20 ක් දක්වා ඉහළ යෑමට බොහෝ දුරට ඉඩ ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පවසනවා. ඒ සඳහා වන නීතිමය ක්‍රියාපටිපාටිය මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබෙන බවත් ලබන ඉරිදා වන එම කටයුතු අවසන්වනු ඇති බවත් එම නිලධාරියා පවසා තිබෙනවා.

ඒ අනුව අදාළ ප්‍රදේශයේ බස් ගාස්තුවෙන් අඩකට සමාන ප්‍රමාණයක් දක්වා දුම්රිය ගාස්තුව ඉහළ යන බවයි කියන්නේ.

POPULAR

Recent articles